බොලිවුඩ් සිනමාවේ සුපිරි නළු ෂාරුක් ඛාන් ගේ නවතම චිත්‍රපටය වන ”පතාන්” සියලුම ආදායම් වාර්තා බිඳදැමීමට සමත් වී තිබෙනවා. තිරගත වූ පළමු දිනයේදීම ඇමරිකානු ඩොලර් මිලියන 25ක අදායමක් උපයා ගනිමින් කෙටි කාලයක් තුල ඉහළම ආදායමක් ලබා ගත් බොලිවුඩ් චිත්‍රපටය ලෙස වාර්තා තබා තිබෙනවා.
තිරගතවී දින 14ක් ඇතුළත මෙම චිත්‍රපටය ඇමරිකානු ඩොලර් මිලියන 100ක ආදායමක් ලබා ගැනීමට සමත් වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
සටන් සහ ත්‍රාසය මුසුවූ ”පතාන්” චිත්‍රපටය මේ වනතෙක් ලොවපුරා 2023 ඉහලම අදායම් ලබා ගත් චිත්‍රපට 10ට එක්වී තිබෙනවා.
2018 වර්ෂයේ තිරගත වූ “Zero” චිත්‍රපටයෙන් වසර 04කට පසුව බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් රඟදක්වන පළමු චිත්‍රපටය මෙයයි.
ඉන්දියානු ප්‍රකට චිත්‍රපට නිෂ්පාදන ආයතනයක් වන යාශ්රාජ් ෆිලිම්ස්’ හි ඉහළම ආදායමක් ලබාගත් ”පතාන්” චිත්‍රපටය සිද්ධාර්ත් ආනන්ද් විසින් අධ්‍යක්ෂණය කර ඇති අතර ෂාරුක් ඛාන්, දීපිකා පදුකෝන් සහ ජෝන් ඒබ්‍රහම් මෙහි රග දක්වනවා.