වර්තමානයේ ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන සූර්යා දයාරුවන් ඔහුගේ මුහුණු පොතේ උපන්දින සුබපැතුමක් පළ කරලා තිබුණා.
ඒ තවත් තාරුන්‍යයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක වන අනුරාධා එදිරිසිංහට.
සූර්යා සහ අනුරාධා කියන්නේ කලක ඉඳන් හොඳම යාලුවෝ කියලා තමයි සූර්යානම් කියන්නේ.
බොහෝ ටෙලි නාට්‍යවලටත් මේ දෙදෙනාටම එකට පෙම්වතාගේ සහ පෙම්වතියගේ චරිත නිරූපණය කරන්න ලැබුණු අවස්ථාත් මෑතකදී දකින්න ලැබුණා.
හොඳම යාලුවෝ විදිහට හිටපු මේ දෙදෙනා යාළුකමෙන් එහා සම්බන්ධයකට ගිහිල්ලා ද?.
Gossipking අපි කරපු විමසීමකදී සූර්යානම් කිව්වේ තවමත් දෙදෙනා හොඳම යාළුවෝ කියලා විතරයි.
හැබැයි ලගදිම ආරංචියක් එන්නත් ඉඩ තියෙනවා වගේ බලාපොරොත්තුවකුත් සූර්යාගේ කතාවෙන් අපට තේරුණා.
සූර්යයාගේ මේ උපන්දින සුබපැතුමේ තිබුණු විදිහට “Happy birthday Manika” කියන කෙනාව ජීවිත කාලය පුරාම මැණිකක් විදිහටම ළං කරගෙන පරිස්සම් කරගන්න සූර්යාට සිදුවෙයිද? ඒ ගැන අපි අලුත්ම විස්තර ළඟදීම කියන්නම්.